Sunday 29 October 2017

මට ඕන යකෙකුටවත් බය වෙන්නෙ නැති කොල්ලෙක්

බය වෙන්නෙ නැති කොල්ලෙක්

පෙම් සුව විදිමින් සිටි පෙම් යුවළක් පෙම්වතියගේ අයියාට හසුවිය. කෝපයට පත් පෙම්වතියගේ අයියාව දැක පෙම්වතා බියෙන් පැන දිව්වේය. නැවත පසු දිනෙක පෙම් යුවළ හමු වුණි. තමා මේ සම්බන්ධය නවත්තන්නට තීරණය කළ බව පෙම්වතිය පෙම්වතාට පැවසීය.

"අනේ ඇයි එහෙම කියන්නේ "

"එදා ඔයා අපේ අයියට හොදටම බය උනානේ...මට ඕන යකෙකුටවත් බය වෙන්නෙ නැති කොල්ලෙක්."

"මට දුකයි...ඒත් ඔයාට ගැලපෙන කෙනා මම දන්නවා."

"ඒ කවුද?"

"කනත්තෙ වැඩ කරන ගුණේ... ඌ නම් කාටවත් බය නෑ."

"නොදකින් මූසලයා"